“සිහිනයකි රෑ“ රූපවාහිනී ප්‍රජා සත්කාරය

මාර් 19, 2019

    සිසු-සිසුවියන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රජා සත්කාර වැඩසටහනක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භ කර තිබේ.

    එය සිදු කෙරෙන්නේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට වසර 37ක් සපිරීම සහ “සිහිනයකි රෑ“ ප්‍රසංගයට සිව් වසරක් පිරීම නිමිත්තෙන්. “සිහිනයකි රෑ“ දෙස්-විදෙස් ප්‍රේක්‍ෂකයන්ගෙන් ලද පාසල් උපකරණ හා අනෙකුත් භාණ්ඩ මේ දිනවල රූපවාහිනී පරිශ්‍රයේ දී ඇසුරුම් කටයුතු සිදු කෙරේ.

    වැඩසටහන සඳහා ජාතික තරුණ සේවා සභාවේ දායකත්වය අද ලබා දුන්නේය. එම භාණ්ඩ තොගය එහි සභාපති එරන්ද වැලිංඅඟේ මහතා විසින් බාරදෙනු ලැබීය.එම පරිත්‍යාග බාරගනු ලැබූවේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජයරත්න සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වැඩසටහන් ටී.එම්.ජී. චන්ද්‍රසේකර යන මහත්වරුන් විසිනි.

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 20:10

    Latest News