චෝදනා නැති නම් මුස්ලිම් මැති ඇමති කැබිනට්ටුවට

ජූනි 04, 2019

    මුස්ලිම් මැති ඇමතිවරුන්ට එල්ල වී ඇති චෝදනා සනාථ නොවුණහොත් යළි මාසයක කාලයකින් නැවතත් ධුරවල දිවුරුම් දීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.

    අද(04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

    කැබිනට් මණ්ඩලය විසින් අද දිනයේ දී මේ සම්බන්ධයෙන් කථා කළ බවත් පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ පැමිණිලි ඇත්නම් ඉදිරිපත් කිරීමට ජනතාවට මේ වන විට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇති බව ද කියා සිටියේය. රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලාට සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති බව ද ඔහු කියා සිටියේය.

    චෝදනා නැති අය නැවත වතාවක් කැබිනට් මණ්ඩලයේ මැති ඇමතිවරු ලෙස දිවුරුම් දෙනු ඇති බව ද නලීන් බණ්ඩාර මහතා මෙහිදී වැඩි දුරටත් අවධාරනය කළේය.

    Latest News