රන්ජන්ගේ කෝකෙන් බෝම්බය පුපුරන හැටි - නලීන් බන්ඩාරගෙන් (විඩියෝ)

පෙබ 27, 2019
  • රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ කොකේන් කාල බෝම්බය පුපුරා යාමට ඉතා ආසන්න බව, රාජ්‍ය ඇමති නලින් බණ්ඩාර පවසයි.

    ඔහුගේ කොකේන් චෝදනාවෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ බොහෝ පිරිසකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට යාමට සිදුවන බවත්, එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි හමුවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් නලින් බණ්ඩාර මහතා පැවසීය.

    රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර....“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සකස් කළ වාර්තාව අගමැතිතුමාට බාරදී තිබේ. එහි එක්සත් ජාතික පක්‍ෂයේ කිසිවෙකුගේ නම් සඳහන් නැහැ. එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකුගේ නම සඳහන් කළ ද ඇයද මේ වනවිට පාර්ලිමේන්තුවේ නැහැ. රන්ජන් කෙරුවේ කියලවත් කරගන්න බැරි වැඩක්.
    මේ රටේ කුඩු කාරයෝ කවුද? කුඩු ව්‍යාපාරිකයෝ කවුද කියලා රන්ජන් රටට හෙළි කෙරුවා.

    රන්ජන්ව පක්‍ෂයෙන් එළවීමක් නැහැ. ඔහු පක්‍ෂයට වටිනා සම්පතක්. දැනට කොකෝන් භාවිතා කරන පිරිස සම්බන්ධයෙන් සකස් කර ඇති වාර්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියේය.

     

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 19:44

    Latest News