නාලක ගොඩහේවාගේ නඩුව ජූලි 09ට කල් තැබේ

මාර් 19, 2019

    විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවක් අද(19) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබේ.

    මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවී මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් කරගැනීම සිදුකර ඇත. අනතුරුව වැඩිදුර නඩු විභාගය ජුලි මස 09 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණය නියම කර තිබේ.

    කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර් .ගුරුසිංහ මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වී ඇත.

    ඉකුත් රජය සමයේ "තාරුණ්‍යට හෙටක්" " සංවිධානයට අනුග්‍රහයක් වශයෙන් ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමට අයත් රුපියල් මිලියන 5 ක මුදලක් ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් එම කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ,එම කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යට හෙටක් සංවිධානය රොනී ඊබ්‍රහිම් යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

    Latest News