තද වැසි නිසා පුද්ගලයින් 4,929කට පීඩාවට

ඔක් 22, 2022

    දින කිහිපයක් පුරා පැවැති වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1,296කට අයත් පුද්ගලයින් 4,929 දෙනෙකු පීඩාවට පත්ව සිටියි.

    පවුල් 31 කට අයත් පුද්ගලයින් 116 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බව ,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    දිස්ත්‍රික්ක කිහිපයකට පනවා ඇති නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News