ගැඹුරු පීඩන අවපාතය; සුළි කුණාටුවක් වන ලකුණු

දෙසැ 15, 2018

    නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය දෙසැම්බර් මස 14 දින 2330 පැය වන විට උතුරු අක්ෂාංශ 8.8 සහ නැගෙනහිර දේශාංශ 86.2 ආසන්නයේ ත්‍රිකුණාමලය සිට ආසන්න වශයෙන් කි.මී. 540 ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගතව පැවතුනි.

    මෙම පද්ධතිය ඉදිරි පැය 12 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන්කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද දිනයේදී මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදුප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවලින් වලකින ලෙස උපදෙස් දෙනු ලැබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

    උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

    දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි අතර උතුරු පළාතේ සුළගේ වේගය පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැක. දිවයින හරහා තරමක ශීත කාලගුණ තත්වයක් ද අපේක්ෂා කල හැක.

    නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය දෙසැම්බර් මස 14 දින 2330 පැය වන විට උතුරු අක්ෂාංශ 8.8 සහ නැගෙනහිර දේශාංශ 86.2 ආසන්නයේ ත්‍රිකුණාමලය සිට ආසන්න වශයෙන් කි.මී. 540 ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගතව පැවතුනි.

    මෙම පද්ධතිය ඉදිරි පැය 12ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

    2018 දෙසැම්බර් මස 16 දින තෙක් මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවලින් වලකින ලෙස උපදෙස් දෙනු ලැබේ.ඉහතින් අනතුරු ඇගවූ මුහුදු ප්‍රදේශවල සිටින ධිවරයින් සහ නාවුකයින් ආරක්‍ෂිත මුහුදු ප්‍රදේශ   වෙත හෝ ගොඩබිම වෙත ගමන් කරන ලෙස උපදෙස් දෙනු ලැබේ.

    පොතුවිල් සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර නැගෙනහිර ගැඹුරු මුහුදු ප්‍රදේශවලට තද වැසිද ඇතිවිය හැක.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං උතුරේ සිට වයඹ දක්වා දිශාවලින් හමන අතර දිවයිනට නැගෙනහිර දෙසින් වන මුහුදුප්‍රදේශවල සුළගේ වේගය පැ.කී.මී. 40-50 පමණ වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.

    දිවයිනට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70-80 දක්වා වැඩිවිය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.

    දිවයිනට බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි අතර එවිට, එම මුහුදුප්‍රදේශ තරමක් රළු විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

    Latest News