"පේතායි" අද සිට අඩුවන ලකුණු

දෙසැ 17, 2018

    පේතායි සුළි කුණාටුවේ බලපෑම අද සිට ක්‍රමයෙන් අඩුවන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනපුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කෙරේ. නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පේතායි සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනයවී ඊයේ දින පස්වරු 11.30 වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝ මීටර 620ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් ස්ථාන ගතව පැවතිණ.

    මෙම පද්ධතිය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි, බලාපොරොත්තු වේ. ඒ සමඟ දිවයින හරහා තරමක  ශීත කාලගුණ තත්වයක් ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය ඔස්සේ මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවීමේ දී විමසිලිමත් වන ලෙස ඉල්ලීමක් කෙරේ.

    Latest News