ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ ඡනපතිගේ අවධානය (වීඩියෝ)

ඔක් 21, 2022
  • ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

    පවතින ආර්ථික තත්වය යටතේ ඉදිකිරීම් ක්ශේත්‍රය මුහුණ දී ඇති ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති සහ මාර්ග ව්‍යාපෘති ඉදිකිරීමේ දී සිදුව ඇති ප්‍රමාදයන් පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණා. කොන්ත්‍රාත්කරුවන්, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සම්බන්ධ‍ව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. ඉදිකිරීම් ක්ෂේත්‍රය පවත්වා ගෙන යාම සහ ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කළ ජනාධිපතිවරයා, ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරමින් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ද, යෝජනා කළා.

    ඉදිකිරීම් ක්ෂේත්‍රය නඟාසිටුවීමට විශේෂ කාර්ය සාධක බළකායක් පිහිටු වන ලෙසද, ක්ෂේත්‍රයේ නිරත පිරිස් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ඡේෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එච්.එස් සමරතුංග, යන මහත්වරුද, ඉදිකිරීම් ක්ෂේත්‍රයට අයත් ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

    Latest News