උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහ පොලස් කොස්තාපල් රියැදුරෙක් මෙම පිරිස අතර සිටිති. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව විසින් සිදුකර තිබේ.
රත්ගම - බූස්ස ප්‍රදේශයේ දී පැහැරගෙන ගොස් ඝාතනය කළේ යැයි කියන ව්‍යාපාරිකයින් දෙදෙනාගේ යැයි සැකකරන තවත් අස්ථි කොටස් කිහිපයක් වලස්මුල්ල - හැවැන්දෙණිය රක්ෂිතයෙන් පසුගියදා සොයා ගැණින.
මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනි දින පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණවල දී හෙළිවි තිබේ.