මධ්‍යම කඳුකරයට ඝන මීදුම් තත්වයක්.

ඔක් 13, 2022

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද(13) දින පස්වරුවේ සිට කඩින් කඩ වැසි ලැබෙමින් පවතී.

    ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර් ගවල රථ වාහන ගමනා ගමනයට බාධා වන සේ ඝන මිදුම් තත්ත්වයක් ඇති වි ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා පැවසීය.

    හැටන් නුවරඑලිය, හැටන් කොළඹ, හැටන් බගවන්තලාව සහ මස්කෙලිය යන මාර්ගවල මෙම තත්ත්වය පවතින බැවින් එම මාර් ගවල රථ වාහන ධාවනයේදී සැලකිලිමත් වන මෙන් හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ඔක්තෝබර් 2022 17:54

    Latest News