පුංචි ඡන්දය ගැන පෙත්සමක් ජූනි 9 කැඳවේ

මැයි 03, 2023

    පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජුනි මස 9 වැනි දින කැඳවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

    පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවනු ලැබුවා. ඉකුත් මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමෙන් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණේ.

    Latest News