අබලන් පාරක් නිසා විරසේකරපුර උණුසුම් (ඡායාරූප)

මාර් 18, 2019

    කාපට් අතුරා මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්නැයි, ඉල්ලා පුඩළුඔය - විරසේකරපුර ජනතාව අද (18) උදැසන උද්ඝෝෂනයක නිරතවිය.

    නාවලපිටිය - පාලුවත්ත ප්‍රධාන මාර්ගයේ විරසේකරපුර ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය අවහිර කර ගනිමින් විරසේකරපුර,රොජර්සන්ගම,ගොඩමඩිත්ත,දොඹගස්තලාව, මල්දෙණිය, හැදුණුවැව, හරංගල යන ගම්මානවල ප්‍රදේශවාසින් සහ සංඝරත්නය උද්ඝෝෂණයට එක්ව සිටියේය.

    නාවලපිටියේ සිට හරංගල දක්වා මාර්ගය 9km පමණ දුරට කාපට් අතුරා සකස් කර ඇති බවත්, පාලුවත්ත සිට කල්පිටිය දක්වා 7 kmක දුර දැඩිව අබලන්ව ඇති බවත්, ගම්වාසින් පවසයි.

    අබලන්ව ඇති කොටස සකස්කර දෙන ලෙස අවස්ථා කිහිපයකදී අදාළා බලධාරින්ගෙන් ඉල්ලා සිටියත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක්  නොලැබුණ බවයි උද්ඝෝෂකයින් පවසන්නේ.

    උද්ඝෝෂණය අතර තුර පුඩළුඔය පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් අතර උණූසුම් තත්ත්වයක්  ද ඇති විය.

    2 1

    3

    6

     

    Last modified on සදුදා, 18 මාර්තු 2019 11:24

    Latest News