අනුරපුරටත් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතියක්

මාර් 18, 2019

    600 වන ජල පිරිපහදු යන්ත්‍රය, අනුරාධපුරය, ඓතිහාසික ඉසුරුමුණි විහාරස්ථානයේදී, 20 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කිරීමට නියමිතයි.‍


    වකුගඩු රෝගයෙන් පීඩා විදින ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීම පෙරදැරි කර ගනිමින් මෙය ක්‍රියාත්මකයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ සහ විවිධ දානපතීන් ගේ මුල්‍ය දායකත්වය යටතේ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම උපයෝගී කර ගනිමින්, මේවන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක ජල පිරිපහදු යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත.

    විශේෂයෙන්ම දිවයිනේ ප්‍ර‍දේශ රැසක මිලියන 1.5 ක පමණ වූ ජනතාවක් සඳහා පිරිසිදු පානීය ජලය ලබා දීමට මෙමඟින් හැකියාව ලැබී ඇත.

    ඉදිරියේදී ද වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින දිස්ත්‍රික්ක තවදුරටත් ආවරණය වන පරිදි මෙවැනිම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති විශාල ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය සහ නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

    Last modified on සදුදා, 18 මාර්තු 2019 11:02

    Latest News