වප් පුර පසළොස්‌වක පොහොය අදයි

ඔක් 09, 2022

    ශාසන ඉතිහාසයේ වැදගත් සිදු වීම් සිදුවීමට මුල් වූ වප් පුරපසලොස්වක පොහොය අදයි. වප් පොහොය සමග කඨින චීවර පූජා සමය ද ආරම්භ වෙයි.

    බුදුරජාණන් වහන්සේ තවුතිසා දෙව්ලොවට වැඩම කර මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනා‍ කොට දඹදිව සංකස්සපුරයට වැඩම කළේ, අද වැනි දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්.

    ඉන්දියාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙරටට වැඩම කරවීම වප් පොහොය හා බැදුණු තවත් සුවිශේෂී සිදුවීමක්.

    ශ්‍රී ලංකාව දහම් දිවයිනක් කළ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූයේ ද අදවන් වප් පො‍හෝ දිනකයි.

    අරිට්ඨ මහරහතන් වහන්සේ ථූපාරාමයේදී විනය පිටකය සංගායනා කිරීම ද වප් පොහෝ දිනකදී සිදු වුණා. වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ වස් පවාරනය කරන්නේ ද වප් පොහොය දිනයේදී.

    Latest News