ක්‍රිෂාන්ත මන්ත්‍රී ධුරය අතහරී

මාර් 18, 2019

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

    සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය දකුණු පළාත් ආණ්ඩුකාර වෙත අද දිනයේ දී භාරදෙන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. අවු16ක දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා ඔහුට චෝදන එල්ල විය.

    ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩුවක් ගොනුකර තිබෙන අතර, මන්ත්‍රී ධුරයට නඩුවේ තීරණයට බාධාවක් වන නිසා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බවයි, අද (18) පැවති මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කරන්නේ.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රිශාන්ත පුෂ්පකුමාර...

    හැමෝම කියයි මම නඩුව දිනුවේ මන්ත්‍රීකම නිසා කියලා..ඒ නිසා මම අද දකුණු පළාත් සභා මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙනවා..ඒ සමගම ක්‍රියාකාරී දේශපාලනයෙන් ද ඉවත් වෙනවා..

    ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) වයස අවුරුදු 16 දැරියට ලිංගික අපයෝජන කර ඇති බවට චෝදනා එල්ලිවි තිබේ. මෙම ලිංගික අපයෝජන පෙබරවාරි 23 වැනිදා ගාල්ල - බටපොල ප්‍රදේශයේ දී කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මීට පෙර කියා සිටියේ. මින් පසු සැකකාර පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර 27 වැනිදා රාත්‍රියේ නීතීඥයෙකු මාර්ගයෙන් අක්මීමන පොලීසියට භාරවු අතර පසු දින (28) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැරිණි.

     

     

    Last modified on සදුදා, 18 මාර්තු 2019 10:51

    Latest News