update - නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබා දෙමින් අගමැති ඉල්ලා අස්වෙයි (වීඩියෝ)

නොවැ 20, 2019
  • නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබා දෙමින් තමා  සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    මේ බව නිල වශයෙන් හෙට දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දෙන බව එහි සඳහන් වෙයි. පසුගිය වසර 5ක කාලය තුල රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතුරු දැනගැනීමේ අයිතියා හා සමානාත්මතාව, සංහිදියාව තහවුරු කිරීම උදෙසා සිය රජය කටයුතු කළ බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සියලු ආයතන දේශපාලනීකරණයෙන් නිදහස් කළ බවත් පසුගිය ජනධිපතිවරණය නිදහස්, ස්වාධීන හා සාධාරණ අන්දමින් පැවැත්වීමට හැකිවීම එහි ප්‍රතිඵලයක් බව එම නිවේදනයේ දක්වා තිබේ.
    තම රජය විසින් ක්‍රියාකළ අන්දම පිළිබඳ නිවැරදි විනිශ්චය අනාගතය විසින් ලබාදෙනු ඇති බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    PM 900px 19 11 20

    .......................................................

    රනිල් වික්‍රමසිංහ හෙට ඉල්ලා අස්වීමේ තීරණයක් (වීඩියෝ) ප.ව 2.00

    රනිල් වික්‍රමසිංහ මහතා හෙට (21) අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කරයි.

    අරලියගහ මන්දිරයේ අද පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් මෙම තීරණයට එළඹි බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නම්පෙරුම මහතා ප්‍රකාශ කළේය. ඒ අනූව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත අතර ඉන් අනතුරුව ධුරයෙන් ඉල්ලා අස්වීම සිදුවනු ඇති බව ඔහු කියා සිටියේය.

     

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 20:24

    Latest News