මහජන ගැටලු කඩිනමින් විසඳීමට නව වෙබ් පිටුවක්

සැප් 29, 2022

    ජනාධිපති මාධ්‍ය අංශයේ ඊයේ නව ඒකකයක් ස්ථාපනය කෙරුණා.

    දුස් තොරතුරු නිර්මාණය වීම අවම කිරීම තුළින්, ජන ජීවිතය වඩා යහපත් කිරීම එහි අරමුණයි.

    ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති කාර්යාලයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙ‍රුණේ, තොරතුරු දැනගැනීම සඳහා වූ ජාත්‍යන්තර දිනයට සමගාමීවයි. මෙහිදී මහජන ගැටලු කඩිනමින් විසඳීම අරමුණු කරගත් ‘ප්‍රතිචාර’ නමැති නව වෙබ් පිටුව ජනගත කිරීම ද සිදු කෙරුණා. මාධ්‍යයේ පළ වන ජනතා ගැටලුවලට ජනාධිපතිවරයාගේ අවධානය දෛනිකව යොමු වන අතර, එම පුවත්වල නිරවද්‍යතාව තහවුරු කර, රජයේ අදාළ බලධාරියා වෙත ඍජුවම යොමු කොට එම ගැටලු කඩිනමින් විසඳීම ඊයේ ස්ථාපනය කෙරුණු නව ඒකකයේ අරමුණයි. සැබෑ ජනතා ගැටලු යටපත් වී චේතනාන්විත දුස් තොරතුරුවලට වැඩි ඉඩක් ලැබී ඇති බව, ඉකුත් දින කිහිපය තුළ නිරීක්‍ෂණය වී තිබෙනවා. ඒ අනුව, එම චේතනාන්විත දුස් තොරතුරු හඳුනාගෙන සත්‍ය ජනගත කිරීම නව ඒකකය මගින් ක්‍රියාත්මකයි. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News