යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයට ප්‍රථම ආගමික උත්සවය අද

සැප් 28, 2022
    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සර සැමරුමට සමගාමීව සියලු හමුදා ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ අරමුණින් සිදු කළ ප්‍රථම ආගමික උත්සවය අද ( 28) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්විණි.
    යුද්ධ හමුදා මූලස්ථානය, ස්වේච්ඡා බලසේනා මූලස්ථානය, සියලු ආරක්‍ෂක සේනා මූලස්ථාන, සියලු ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථාන, සේනාංක, බලසේනා, රෙජිමේන්තු, ඒකක සහ යුද්ධ හමුදා පුහුණු පාසල් නියෝජනය කරමින් ධජ රැගත් යුද්ධ හමුදා සාමාජිකයින් ඓතිහාසික මහමළුවේ සිට පෙරහරෙන් ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි, ශ්‍රී දළදා මාලිගාව තුලදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත එම ධජයන් භාරදුන්හ.
    අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී දළදා සමිඳුන්ගේ තේවාව භාර නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පෙරටුව එම ධජයන් ශ්‍රී දළදා සමිඳුන් අභියස තැන්පත් කරන ලදි.
    73 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා‍ සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් පැවැත්වූ ප්‍රථම ආගමික වැඩසටහන සඳහා හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

    Latest News