ඇමැති කෙහෙළියට අධි චෝදනා

සැප් 28, 2022
    පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දුන්නා.
    කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ එම අධිචෝදනා භාරදීම සිදු වුණා.
    අනතුරුව විත්තිකරුවන් රුපියල් 30,000ක මුදල් ඇප සහ රුපියල්  350,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස විනිසුරුවරයා නියෝග විනිසුරුවරයා නියෝග කළා.
    අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව නොවැම්බර් මස 03 වනදා දක්වන ලෙස නියෝග කෙරුණා.
    ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියම කළා.
    2012 වසරේ මැයි 01 වනදා සිට 30 30 වනදා දක්වා කාලසීමාව තුළ ජනමාධ්‍ය ඇමැති ලෙස කටයුතු කරමින් සිටීයදී සිය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගාස්තු වශයෙන් ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ සතලිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීව ලෙස නිලධාරීන්ට බල කීරීම තුළින් රජයට පාඩුවක් සිදු කිරීම හරහා අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.
     
     

    Latest News