ලිට්රෝ සමාගමට ලෝක බැංකුවෙන් ලැබුණු ඩො. මි. 70ක මුදල යළි භාණ්ඩාගාරයට...

සැප් 28, 2022

    ලිට්රෝ ගෑස් සමාගම ලෝක බැංකුවෙන් ආධාර ලෙස ලැබුණු ඩොලර් මිලියන 70 ක මුදල යළි භාණ්ඩාගාරය වෙත ගෙවීම ආරම්භ කළ බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

    මේ වන විට රුපියල් බිලියන 6.5 ක මුදලක් ගෙවා අවසන්. ලෝක බැංකු ආධාර ලෙස ලිට්රෝ ගෑස් සමාගම ලබාගත් මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 26 ක් පමණ වනවා. එය ලබා ගැනුණේ ඉකුත් ජුලි මාසයේදී. මේ වන විට එහි මැද කොටස පමණ පරිභෝජනය කරමින් පවතින අතර, එම කොටස් මේ දිනවල මෙරටට රැගෙන එන ලිට්රෝ ගෑස් සහිත නැව් තොගවලට ගෙවමින් පවතිනවා. ඒ අතරතුරයි මෙලෙස මුල් කොටස් මහා භාණ්ඩාගාරය වෙත ගෙවීම සිදු කෙරෙන්නේ. ඔක්තෝබර් මාසයේදී තවත් රුපියල් බිලියන 8 ක් ගෙවීමට අපේක්ෂි තයි. දෙසැම්බර් මාසය ඇතුළත මුළු රුපියල් බිලියන 26 ම ගෙවා අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

     

    Latest News