ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ල නගරයේදී.
"හදවත් යා කෙරෙන රන් මාවත්" ජාතික වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි. අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සංකල්පයක් මත, ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
එහි සමාරම්භක වැඩසටහන හෙට පෙ.ව. 9.00ට මාවනැල්ල නගරයේ දී පැවැත්වේ. ඒ යටතේ සංවර්ධනය කෙරුණු මාවනැල්ල හෙම්මාතගම ගම්පොළ මාර්ගය, මාවනැල්ල රඹුක්කන මාර්ගය සහ අරනායක හොරේවෙල යන මාර්ග ජනතා අයිතියට පත් කෙරේ. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින්.