අල්ලස් හා දූෂණය තුරන් කිරීමේ ජාතික සැළැස්ම හෙට

මාර් 17, 2019

    ශ්‍රී ලංකාවෙන් අල්ලස් දූෂණ්‍ය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකරී සැලැස්ම උත්සවකාරයෙන් දියත් කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී හෙට (18) පැවැත්වේ

    ශ්‍රී ලංකාව තුළ වංචාව හා දූෂණය තුරන් කර එමගින් ආර්ථික, සමාජීය සංස්කෘතික සහ පාරිසරික වශයෙන් තිරසර සංවර්ධනයක් උදා කරගැනීම මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ අරමුණයි. අල්ලස් පනතේ දුර්වල නීති-රීති, අණපනත්වලට සම්බන්ධ කරුණු කැබිනට් මණ්ඩලයෙන් සංශෝධනය කර නව නීති-රීති ඇතුළත්ව මෙය සකස් කර තිබේ.

    සියලු රාජ්‍ය ආයතන තුළ අල්ලස නිවාරණය, හර පද්ධති වැඩි දියුණු කිරීම, දඬුවම් ක්‍රමවේද හා නීති ප්‍රතිපත්ති සංශෝධනය කිරීම යන ප්‍රධාන සාධක පදනම් කර ගෙනයි නව සැලැස්ම සකස් කර ඇත්තේ. සියලු රාජ්‍ය ආයතන තුළ අල්ලස නිවාරණය, හර පද්ධති වැඩි දියුණු කිරීම, දඬුවම් ක්‍රමවේද හා නීති ප්‍රතිපත්ති සංශෝධනය කිරීම යන ප්‍රධාන සාධක පදනම් කර ගෙනයි නව සැලැස්ම සකස් කෙරුණේ.

    ඊට විද්වතුන්, විදෙස් විශේෂඥයින්, ජනතාව ඇතුලු විවිධ තරාතිරම්වලට අයත් පිරිස්වල අදහස් විමසීමට ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරනු ලැබීය. 2016 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති දූෂණ විරෝධි සමුළුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබාදුන් පොරොන්දුවට අනුවයි ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමෙන් මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කෙරුණේ.

    Last modified on ඉරිදා, 17 මාර්තු 2019 18:46

    Latest News