කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ඇරඹේ

සැප් 16, 2022

    23 වැනි වරට සංවිධාන කෙරුණු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණා.

    ඒ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ දී. මෙවරත් එහි නිල වද්‍යුත් මාධ්‍ය සහකරු ජාතික රූපවාහිනියයි.

    අද පෙරවරු 9.00 ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිල වශයෙන් ආරම්භ කෙරුණේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම් එන් රණසිංහ මහතාගේ සහභාගීත්වයෙන්.

    අද සිට ලබන 25 වැනිදා දක්වා දින 10 ක කාලයක් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා. පෙරවරු 9.00 සිට සවස 7.00 දක්වා ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශන  භූමිය ‍විවෘතයි. දෙස් විදෙස් ප්‍රදර්ශන කුටි 400 කට වැඩි සංඛ්‍යාවක් මෙයට එක් කර ඇති අතර, විවිධ වට්ටම් යටතේ පොත් පත් මිලදී ගැනීමේ අවස්ථාව ජනතාවට හිමි වනවා.

    Last modified on සිකුරාදා, 16 සැප්තැම්බර් 2022 11:51

    Latest News