පොත් ප්‍රදර්ශනයේ 6 වැනි දිනය අද

සැප් 21, 2022

    23 වැනි වරටත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධාන කළ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 06 වන දිනය අදයි.

    ඊයේ දිනය තුළද පාඨකයින් විශාල පිරිසක් ප්‍රදර්ශනය වෙත පැමිණියා.

    අද සිට ලබන 25 වැනිදා දක්වා දින 10 ක කාලයක් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා. පෙරවරු 9.00 සිට සවස 7.00 දක්වා ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශන භූමිය ‍විවෘතයි.

    දෙස් විදෙස් ප්‍රදර්ශන කුටි 400 කට වැඩි සංඛ්‍යාවක් මෙයට එක් කර ඇති අතර, විවිධ වට්ටම් යටතේ පොත් පත් මිලදී ගැනීමේ අවස්ථාව ජනතාවට හිමි වනවා.

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මෙවරත් නිල විද්‍යුත් මාධ්‍ය සහකරු ජාතික රූපවාහිනියයි.

    Latest News