අලුත උපන් හිපෝ බලන්න විශාල පිරිසක් (වීඩියෝ)

සැප් 09, 2022
  • දෙහිවල සත්වෝද්‍යානයේ අලුතින් උපත ලැබූ හිපෝ පැටවෙකු නැරඹීමට ජනතාවට මේ දිනවල අවස්ථාව උදාවී තිබෙනවා.



    දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නෙලා සහ හියුගෝ නයිල් හිප‍පොටේමස් යුවලට දාව මෙම පිරිමි නයිල් හිපෝ පැටවා, පසුගියදා උපත ලැබුවා. මේ අතර, ලොව වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින දිවියන් යුවලක් ද නැරඹීමේ අවස්ථාව මේ දිනවල ජනතාවට උදා වී තිබෙනවා. මෙම යුවල පින්නවල සත්වෝද්‍යානයේ සිටි පණ්ඩු සහ සෆාරි උද්‍යානයේ සිටි මූමි යන නම්වලින් හඳුන්වනු ලැබූ දිවියන් යුවලක්. පාසල් නිවාඩු සමයත් සමග සත්වෝද්‍යානය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන බැවින්, දුර්ලභගනයේ මෙවැනි සත්වයන් පිළිබඳව වඩා දැනුමක් ලබා ගැනීමට සත්වෝද්‍යානය නැරඹීමෙන් හැකියාව ලැබෙනවා.

    Last modified on සිකුරාදා, 09 සැප්තැම්බර් 2022 15:20

    Latest News