දෙවන එළිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වෙයි

සැප් 09, 2022

    බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් රජ කිරුළ දැරූ දෙවැනි එළිසබෙත් මහ රැජින ඊයේ සිය දිවි ගමනට සමුදුන්නා.

    ‍මිය යන විට ඇය, 96 වැනි වියේ පසු වුණා.

    දින දෙකක් පුරා ඇයගේ සෞඛ්‍ය තත්වය අයහපත් වෙමින් පැවති බවයි, රාජකීය වාර්තා පෙන්වා දෙන්නේ. මිය යන මොහොතේ චාල්ස් කුමරු, හැරී කුමරු සහ විලියම් කුමරු රැජින අසළ සිටි බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. රැජිනගේ අභාවයත් සමග චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු වශයෙන් පත් වනවා. ඔහු ඉදිරි දින‍යක දිවුරුම් දෙනු ඇති. රැජිනගේ අභාවය, තමාට සහ තම පවුලේ අයට අතිශය කම්පාවක් ගෙන දුන් සිදු වීමක් බව, තුන්වැනි චාල්ස් රජු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. තුන්වැනි චාල්ස් රජු අද දින ජාතිය ඇමතීමට නියමිතයි.

    1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අගරැජින ලෙසද, පොදු රාජ්‍ය මණ්ඩලයීය ප්‍රධානී ලෙස ද කටයුතු කළ දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතවල අද සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස, රජය දැනුම් දෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම් එම් පී කේ මයාදුන්නේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ බව ප්‍රකාශයට පත් කර ඇති බවයි.

    Last modified on සිකුරාදා, 09 සැප්තැම්බර් 2022 10:10

    Latest News