සියලුම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කෙරේ

සැප් 09, 2022

    දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ මායාදුන්නේ මහතා මේ බව සඳහන් කරයි.

    1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙස සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙස දෙවෙන එලිසබෙත් මහ රැජින කටයුතු කර තිබේ.

    Latest News