අද (15) රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පැවැත්විණි.
අමාත්‍ය රුවන් විජේවර්ධන "ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලබන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් ජනමාධ්‍යවේදියා දැනුම, කුසලතා හා ආකල්ප වැඩිදියුණු කර ගැනිමටත්, වෘත්තියමය වශයෙන් සංවර්ධනය කිරිමේ හැකියාවේ. 21 වන සියවසට ගැලපෙන මාධ්‍යවේදියෙන් නිර්මාණය කර ගැනිම සඳහා අවශ්‍ය නූතන දැනුම උසස් අධ්‍යාපන දැනුමෙන් අපට ළඟා කර ගත හැකි" යැයි ද ඔහු කියා සිටියේය.
2006 වසරේ ජනමාධ්‍යවේදින් 11 දෙනෙක් සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩ පිළිවෙල ආරම්භ කළ අතර මේ වසරේදි එය ශිෂ්‍යත්ව 109ක් දක්වා ඉහළ නංවා ඇත. දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර 3ක සේවා කාලයක් සපුරා ඇති පූර්ණ කාලින හෝ අර්ධ කාලින පදනම මත සේවයේ නියැළී සිටින මාධ්‍යවේදින්, නිදහස් මාධ්‍යවේදින්, ප්‍රාදේශිය මාධ්‍යවේදින් සහ වෙබ් මාධ්‍යවේදින්ට මෙම ශිෂ්‍යත්ව ලබා දි තිබේ.
උපාධි, පශ්චාත්උපාධි, සඳහා රුපියල් ලක්ෂ දෙකක (200,000.00) මුදලක් හෝ කෙටි කාලින හෝ දිගු කාලින සහතික පත්‍ර පාඨමාලාව, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක (100.000.00) උපරිමයකට යටත්ව මෙම ශිෂ්‍යත්ව මුදල් ලබා දේ. ශිෂ්‍යත්වලාභීන්ට පිළිගත් විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපනික පුහුණු ආයතන මඟින් පවත්වනු ලබන මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලාවක් හැදෑරිය හැක.
මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවිර මහතා සහ රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රමණි ගුණවර්ධන මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වුහ.