ලංගමට සැප බස් පමණයි - අමාත්‍ය අර්ජුන

මාර් 15, 2019

    ඉදිරියේදී ශ්‍රී ලංගමය සඳහා මිලදී ගන්නේ උසස් තත්ත්වයේ බස්රථ පමණක් බව, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    ඒ සඳහා වන නව වැඩපිළිවෙල ඉදිරි මාස කිහිපයේදී හඳුන්වා දෙන බව ඔහු පවසයි.

    ඊට පරිබාහිරව ලංගමය සඳහා බස් රථ මිලදී ගැනීමට නොහැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.

    එසේම නව නීතියක් ද පාර්ලිමේන්තුව හරහා හඳුන්වාදීමට කටයුතු කරන බව ඔහු සඳහන් කර ඇත.

    එම නීතිය පෞද්ගලික බස්රථ ප්‍රවාහන සේවාවට පසුව හඳුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බව, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අමාත්‍යංශයේ අද පැවති සාකච්ඡාවකදීය.

    Last modified on සිකුරාදා, 15 මාර්තු 2019 17:21

    Latest News