රතු කුරුස - "ඌබර්" ඒකාබද්ධ ව්‍යාපෘතියක්...

සැප් 03, 2022

    ශ්‍රී ලංකා රතු කුරුස සංගමය සහ "ඌබර්" ශ්‍රී ලංකා සමාගම සිය නවතම ඒකාබද්ධ ව්‍යාපෘති පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැනුවත් කළා‍.

    එම හමුව පසුගියදා සිදු වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී.  ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක දීමනාව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ සහ "ඌබර්" ශ්‍රී ලංකා සමාගමේ නි‍යෝජිත පිරිසට මෙහිදී සිය ස්තූතිය පළ කළා. දිවයින පුරා ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ බෙදාදීම වෙනුවෙන් එම ආධාර මුදල් යෙදවීමට නියමිතයි. "ඌබර්" සමාගමේ ගෝලීය විධායක ආසියානු ශාන්තිකර කලාපයේ බෙදාහැරීම සඳහා වූ සාමාන්‍යාධිකාරිනී සස්කියා ද‍ ජොන්ග්, ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ සභාපති ජගත් අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News