සංචරණ සීමා මැද ප්‍රවාහනය කළ රු. ලක්ෂ 30ක හෙරොයින් STF අත්අඩංගුවට

ජූනි 06, 2021

    සියඹලාණ්ඩුව හැඩඔය පාලම ආසන්න ප්‍රදේශයේ දී ඊයේ (5)පස්වරුවේ දී සිදු කල හදිසි වැටලීමකදී කේ.ඩී.එච් වර්ගයේ වෑන් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කොලොන්නාව සිට පොතුවිල් දක්වා මෙම හෙරොයින් ප්‍රවාහනය කර ඇති අතර වෑන් රථයේ සිටින කාන්තාවට ප්‍රතිකාර ලබා ගැනීමටරෝහලවෙත යන බව පවසමින් සංචරන සීමා කාලය තුල මොවුන් කොලොන්නාව ප්‍රදේශයට ගොස් හෙරොයින් ලබා ගෙන පැමිණ ඇත.

    එම වෑන් රථය නවතා සිදු කල පරික්ෂා කිරිමේ දී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් එකසිය පනස් එකක් සොයාගෙන ඇති අතර එම හෙරොයින් වල වටිනාකමක රුපියල් ලක්ෂ තිහකට අධික බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසීය.

    මොවුන් හෙරොයින් ප්‍රවාහනය සදහා යොදාගත් වෑන් රථයසහ ජංගම දුරකථන හයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් පොතුවිල් ප්‍රදේශයේ පදිංචි පිළිවෙලින් වයස අවුරුදු 20ත් 55ත් අතර පසුවන්නන් බව පොලිසිය සදහන් කළේය.

    සැකකරුවන් ඉදිරි විමර්ශන සදහා සියඹලාණ්ඩුව පොලිසිය වෙත භාර දී ඇති අතර එම සැකකරුවන් අද (6) සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදු කරයි.

    20210605 155747

    20210605 155622

    20210605 155713

    20210605 155820

     

    Latest News