තැපැල් වර්ජනය අත්හිටුවයි

මාර් 14, 2019

    වැටුප් සහ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලු පවතින බව පවසමින්, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය විසින් අද දිනයේ දීපව්‍යාප්තව කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගය අත්හිටුවා තිබේ.

    විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි, වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ.එහිදී සිය ගැටලූ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර සති දෙකක් තුළ විසඳුමක් ලබා දීමටයි තැපැල් බලධාරීන් පොරොන්දු වී ඇත්තේ.

    මේ අතර, අපේ‍්‍රල් 22වැනිදාට පෙර සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් යළි වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කරන බවයි ගුරු- විදුහල්පති වෘත්තීය සමිති ප‍්‍රකාශ කරයි.

    පටු අරමුණු වෙනුවෙන් ගුරුවරුන් ද නොමග යවමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඇතැම් වෘත්තීය සමිති ගත් කි‍්‍රයාකලාපය ඛේදනීය බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය නිකුත් කරමින් ඊයේ ප්‍රකාශ කළේය.බාධා සහ තර්ජන මධ්‍යයේ සේවයට පැමිණි ගුරු සහ විදුහල්පතිවරුන්ට ප‍්‍රණාමය පුද කරන බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය සඳහන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2019 07:46

    Latest News