ජනපති කෙන්යාටාහිදී හරසරින් පිළිගැනේ

මාර් 14, 2019

    කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) රාති‍්‍රයේ නයිරෝබි හි ජොමො කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

    එහිදී එරට විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ‍්‍රී ලංකා දූත පිරිස හරසරින් පිළිගන්නා ලදී.

    කෙන්යා විදේශ කටයුතු ප‍්‍රධාන පරිපාලන ලේකම් ්ඉ්ඉම භ්පඅ්පඉ්, ජලසම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍ය මෙන්ම කැබිනට් ලේකම් ීසපදබ ණසචරදබද ක්‍යැකමටමස යන මහත්වරුන් සහ කෙන්යාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් සුනිල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේ දී ද එරට ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් විසින් ජනාධිපතිතුමාව සාම්ප‍්‍රදායානුකූලව පිළිගනු ලැබීයකෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමාගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස එක් වෙයි.

    ශ‍්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරයා ලෙස මෙන්ම පරිසරය සුරැුකීම වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගත් නායකයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වය සමුළුව තුළ සුවිශේෂි බව කෙන්යාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් සුනිල් ද සිල්වා මහතා පෙන්වා දෙයි.

    පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්, යන්න මෙවර සමුළුවේ තේමාව වන අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද දහවල් සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

    ප‍්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් මැතිතුමා ඇතුළු රාජ්‍ය තාන්ති‍්‍රකයෝ කිහිප දෙනෙකු ද සමුළුවට එක් වෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2019 08:12

    Latest News