බැංකු පද්ධතිය හරහා විදෙස් මුදල් එවන අයට තීරුබදු රහිත මුදලකට විද්‍යුත් වාහන...

අගෝ 02, 2022

    බැංකු පද්ධතිය හරහා මෙරටට විදෙස් මුදල් එවන පුද්ගලයින්ට තීරුබදු රහිත මුදලකට විද්‍යුත් වාහන ගෙන්වීම සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

    එමෙන්ම, ගුවන්තොටුපොලේදී හිමිවන තීරුබදු සහනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ දැමීමට ද රජය තීරණය කර ඇතැයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියා.  දින 90ක කාලයක් සඳහා විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින්ට අමෙරිකානු ඩොලර් 187 ක තීරුබදු සහනයක් හිමිවුණා. වසරක කාලයක් සඳහා එය ඩොලර් 625 ක් ලෙසයි, දැක්වුණේ. වසරකට වැඩි කාලයක් සඳහා විදෙස්ගතව පැමිණෙන පුද්ගලයින්ට ඩොලර් 1,750 ක තීරුබදු සහනය හිමිවුණා.  

    මෙම සහනය එසේ තිබියදීම ඩොලර් 2,400ක් ශ්‍රී ලංකාවට විධිමත් බැංකු පද්ධතියකින් එවන පුද්ගලයින් සඳහා තීරුබදු සහනය වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. දින 90ක කාලයක් විදෙස් රටක සේවය ‍කොට, පැමිණෙන පුද්ගලයෙක් ‍එම මුදල් ප්‍රමාණය එවා ඇත්නදම් ඔහුට ඩොලර් 787ක තීරුබදු සහනයක් හිමිවනවා. වසරක කාලයකට එය ඩොලර් 1,225ක් දක්වා ඉහළ දැමීමටයි රජය තීරණය කර තිබෙන්නේ. ඊට වැඩි කාලයක් විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින්ට ඩොලර් 2,350ක තීරුබදු සහනයක් හිමිවනවා.  

    ඩොලර් 4,800කට වැඩි ප්‍රමාණයක් මෙරට බැංකු පද්ධතියට එවන පුද්ගලයින් සඳහා තීරුබදු සහනය තවත් ඉහළ දැමීමටයි රජය තීරණය කර තිබෙන්නේ. මාස 03ක කාලයකට හිමිවන තීරුබදු සහනය ඩොලර් 1,175ක්. වසරක කාලයක් සඳහා ඩොලර් 1,585ක සහනයක් හිමිවනවා. ඊට වැඩි කාලයක් සඳහා ඩොලර් 2,710ක සහනයක් ලබාදීමටයි, තීරණය වී තිබෙන්නේ.  යම්කිසි පුද්ගලයෙක් අමෙරිකානු ඩොලර් 7,200ක් මෙරට බැංකු පද්ධතිය හරහා එවා ඇත්නම් මාස 03ක කාලයක් විදෙස්ගතව පැමිණෙන පුද්ගලයෙකුට ඩොලර් 1,627ක සහනයක් හිමිවනවා.

    වසරක කාලයක් සඳහා එම සහනය දැක්වෙන්නේ ඩොලර් 2,065ක් ලෙසයි. වසරකට වැඩි කාලයකට ඩොලර් 3,190ක සහනයක් හිමිවනවා.  ඩොලර් 12,000ක් මෙරටට බැංකු පද්ධතිය හරවා එවන පුද්ගලයෙකුට මාස 03ක විදෙස් කාලය සඳහා ඩොලර් 2,587ක සහනයක් හිමිවනවා. වසරක කාලයක් සඳහා රජය ලබාදෙන තීරුබදු සහනය ඩොලර් 3,025ක්. ඊට වැඩි කලක් විදෙස්ගත පුද්ගලයින්ට ඩොලර් 4,150ක තීරුබදු සහනයක් හිමිවනවා.  ඩොලර් 24,000ක් මෙරටට එවන පුද්ගලයෙකුට මාස 03ක විදෙස්ගත කාලය සඳහා හිමි තීරුබදු සහනය ඩොලර් 4,985ක්. වසරක කාලයක් සඳහා එය ඩොලර් 5,425ක් දක්වා වැඩිකර තිබෙනවා. වසරකට වැඩි කාලසීමාවක් විදෙස්ගත පුද්ගලයින්ට මෙරටට පැමි‍ණීමේදී ඩොලර් 6,550ක තීරුබදු සහනයක් හිමිවන බව, අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියා සිටියා.

    Latest News