අයවැය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බාධක බැලිය යුතුයි - ඇමති රවි

මාර් 12, 2019

    වියදම පරිපාලනය කරලා ආදායම වැඩි කිරීමේ වැඩපිළිවෙල  අවශ්‍යයි..අයවැයක් ගැන කතා කිරීමේ දී එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී ඇති බාධක මොනවාද කියා බැලිය යුතුයි යැයි විදුලිබල, බලශක්ති සහ  ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     අමාත්‍යවරයා  අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

    මූල්‍ය විනයක් ඇති කරගෙන යන මාර්ගයක් පේනවා. හරි ආකාරයට ආදායම් මාර්ගය හඳුනාගෙන වියදම් පාලනය කිරීම හඳුනාගත්තේ .අද ඒ ගමන පේනවා. ඒ ගැන සතුටුයි.ප්‍රායෝගිකව කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. බදු වැඩි කිරීම තුළින් ආදායම ලබන්න හැකිද කියලා බලන්න අවශ්‍යයි. අන්තිම මොහොතේ ගෙනාවොත් ප්‍රතිවිපාක ඉදිරියේ ලැබෙන්නේ. වියදම පරිපාලනය කරලා ආදායම  වැඩි කිරීමේ වැඩපිළිවෙල තමයි අවශ්‍ය වෙන්නේ.විධිමත් ක්‍රියාවක් සුරාබදු සම්බන්ධයෙන් ගත යුතුයි. අනිසි ලෙස  ආදායම ගලාගෙන යනවා.

    මාර්ග,සෞඛ්‍ය අධ්‍යාපනයට මුදල් වෙන් කර තිබෙනවා.මුදල් වෙන් කිරීම අවශ්‍ය ලෙස වෙන් කර ඇත්ත කියා  බැලිය යුතුයි.ජනතාවට අධික බදු පැටවිය නොහැකියි. නීතියේ ස්වාධීනත්වය ඇති වී තිබෙනවා. එදිනෙදා  පරිපාලනය තුළින් ප්‍රශ්න ඇති වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිවැරැදි ප්‍රතිපත්තියක් ඇති කරගැනීමට, ඉන් රටට  ලැබෙන ප්‍රතිලාභය අතිවිශිෂ්ඨයි. රටේ ජනතාව බදු ගෙවනවා. අයවැයක් ගැන කතා කිරීමේ දී එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී ඇති බාධක මොනවාද කියා  බැලිය යුතුයි. දැන්වත් හරි මඟ ගමන් කළ යුතුයි. සංචාරක කර්මාන්තයේ බදු තුළින් රටට ආදායමක් ලබාගත  හැකියි. සංස්කෘතිය විනාශ කරන සංචාරක කර්මාන්තයක් නොවේ අවශ්‍යය. මේ ගැන පරිපාලනයක් තමයි අවශ්‍ය වන්නේ. විදුලි පාරිබෝගිකයාආරක්ෂා කරන වැඩපිළිවෙලක් සිදු කරනවා. සූර්ය බලය විදුලි උත්පාදනයට යොදා ගන්නවා. විදුලි බිල කිසිම අවස්ථාවක වැඩි කිරීමට ඉඩ දෙන්නේ නෑයැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    Last modified on අඟහරුවාදා, 12 මාර්තු 2019 16:44

    Latest News