මහින්දගේ වැඩතහනම ඉල්ලා එජාපය දැමූ පෙත්සම ඉවතට 

මාර් 12, 2019

    හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් එම තනතුරු වලට කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනිණ.  

    එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.

    එහිදී මෙම පෙත්සම ගොනු කළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලෙස, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවයි.

    ඒ අනුව, පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ගැනීමට අභියාචනාධිකරණය අවසර දුන්නේය.

    හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවකට අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පත්වීම් අභියෝගයට ලක් කරමින් ඉකුත් දෙසැම්බර් මස මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණ.

    ඒ අනූව අදාළ පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන්  දෙසැම්බර් 3 වැනිදා අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කෙරිණ.  

     

    Last modified on අඟහරුවාදා, 12 මාර්තු 2019 11:52

    Latest News