අයවැයෙන් උතුරටත් මුදල් වෙන් කර තිබෙනවා

මාර් 12, 2019

    උතුරු නැඟෙනහිර ප්‍රදේශ වල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට මුදල් වෙන් කර තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම අප ලත් ජයග්‍රහනයක් බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් පැවසී ය.

    උතුරු නැඟෙනහිර ප්‍රදේශ වල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට මුදල් වෙන් කර තිබෙනවා. රට දැඩි ණය උගුලක සිර වී තිබෙනවා.දෙමළ ජනතාවත් අනෙකුත් ජනතව වගේ සංස්කෘතික අනන්‍යතාවයකින් සිටින ජනතාවක්.දෙමළ ජනතාව සම්පූර්ණ සහාය ලබාදෙනවා. අපට හැකි සියලු දේ දේශපාලන විසඳුමක් වෙනුවෙන් සිදු කරනවා. අප කැප වී සිටිනවා . නොබෙදුණු රටක් තුළ දේශපාලන විසඳුමක් ලබාගැනීම අපේ අරමුණයි. රටේ ආර්ථිකයකට මෙය බලපානවා. මේ සඳහා දේශීය ආයෝජන සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද කියලා අවධානය යොමු කළ යුතුයි.යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

    Last modified on අඟහරුවාදා, 12 මාර්තු 2019 16:37

    Latest News