ඇමති කංචන කටාර් බලධාරීන් සමග සාකච්ඡා පවත්වයි

ජූනි 29, 2022

    ඉන්ධන හා ගෑස් සැපයුම සඳහා ලබා දිය හැකි ණය පහසුකම් සම්බන්ධයෙන්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා කටාර් සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර සාකච්ජාවක් ඊයේ (28) පැවැත්විණ.

    කටාර් නිල සංචාරයේ නිරත අමාත්‍යවරයා ඉන්ධන හා ගෑස් සැපයුම සඳහා එරට ආයතන ගණනාවක් සමග සාකච්ජා පවත්වා තිබේ.

    වෛද්‍ය සැපයුම් සඳහා මුදල් වෙන්කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සහය වෙමින් ණය පහසුකමක් සඳහා වන ඉල්ලීම සළකා බලන බව අධ්‍යක්ෂ ජනරාවරයා සඳහන් කළ බවයි, Twitter පණිවිඩයක් නිකුත් කරමින් කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ.

    Kanchana 900px 22 06

    Quater 900px 22 06

     

    Last modified on බදාදා, 29 ජූනි 2022 12:44

    Latest News