කරන්නාගොඩ පැය 8කට පසු CIDයෙන් පිටව යයි

මාර් 11, 2019

    Update - අධිකරණ නියෝග මත අද (11) උදෑසන CIDයට පැමිණි හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පැය 8කට පමණ පසු ඉන් පිටව ගොස් තිබේ.

    වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා මීලඟ බදාදා (13) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

    කරන්නාගොඩ CID යට එයි - (පෙ.ව.9.00)

    තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද (11) උදෑසන පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණයේය.

    ඒ පසුගියදා (07) ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නියෝගයකට අනූවයි.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 18:41

    Latest News