පෞද්ගලික බස් රථ 50%ක් ධාවනයට එක් කිරීමට සැලසුම්

ජූනි 20, 2022

    අද දිනයේදී 50% ක ධාරිතාවක් යටතේ බස් රථ ධාවනයේ යෙදවීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

    ඩීසල් නෞකාවක් දිවයිනට පැමිණීමත් සමඟ මේ වන විට ඩීසල් බෙදා හැරීම සිදු කිරීම හේතුවෙන් බස් රථ ධාවනය ඉහළ දමන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    මේ අතර අද සිට උපරිම බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක්කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගමනාගමන මණ්ඩලය ද ප්‍රකාශ කරයි.

    Latest News