ජොන්ස්ටන් ප්‍රනාන්දුට අධිකරණයට භාර වන ලෙස නියෝගයක්

ජූනි 09, 2022

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද රාත්‍රී 8.00 ට පෙර අධිකරණයට භාර වන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    එතෙක් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙසද අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියා.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ මෙම රීට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් අවසන් තීන්දුවක් ලබා දෙන තුරු අධිකරණයට ඉදිරිපත් වන ඒ මහතා සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන ලෙසත් අභියාචනාධිකරණය මහේස්ත්‍රාත්වරයාට නියම කළා.

    Latest News