ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්

අගෝ 09, 2022

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනම් කරමින් අද අධිකරණ නියෝගයක් ලබාදී තිබෙනවා.

    ඒ, 2013 වසරේ සතොස ආයතනයේ ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන්.

    එවක සතොස සේවකයින් දේශපාලන කටයුතු සඳහා යෙදවීමෙන් රජයට රුපියල් එකොළොස්ලක්ෂයකට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා චෝදනා ලබා සිටිනවා. සිද්ධියට අදාළව අධි චෝදනා මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ අධි චෝදනා අද බාරදෙනු ලැබුවා. විත්තිකරුවන්ට රුපියල් පනස්දහස බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුණා. නඩුව සැප්තැම්බර 30 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

    Latest News