වෙළඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රුපියල් ලක්ෂ 59 කට අධික මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දුන්නා.

2012 වසරේ සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවලට යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලූ තුන්දෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කෙරිණ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනම් කරමින් අද අධිකරණ නියෝගයක් ලබාදී තිබෙනවා.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට ජූලි මස 4 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද රාත්‍රී 8.00 ට පෙර අධිකරණයට භාර වන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩුවක් ගොනු කළා.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් ගොනුකරන ලද නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද යන්න දෙසැම්බර් මස 03 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අල්ලස් කොමිසමට නියෝග කළා.

වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයින් එකසිය පනස් තුන් දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගන්නා දිනය නියම කිරීම සඳහා සැප්තැම්බර් මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඉකුත් රජය සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරී වලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ඒ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක් නොවැම්බර් මස 27 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවලට අදාළ තීන්දුව මේ මස 29 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිවේදනය කළේය.

Latest News