ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට සිතාසි

ජූනි 24, 2022

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට ජූලි මස 4 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබෙනවා.

    ඒ, සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව අධිචෝදනා භාරදීම සඳහා යි.

    අදාල විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ චෝදනා පත්‍ර සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය මෙම සිතාසි නිකුත් කිරීම සිදු කර තිබෙනවා.

    වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූලව රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ වරයකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉකුත්දා මෙම නඩුව ගොනු කරනු ලැබුවා.

    Latest News