විදුලි බල සැපයුම හා රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා කරයි

ජූනි 09, 2022

    විදුලිබල සැපයුම සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කර කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.


    1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තියට ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවරී ඇති බලතලවලට අනුව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

    ඊයේ (08) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    රජයේ සංස්ථා, දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන හෝ සමූපකාර සමිති විසින් සැපයෙන විදුලිබල සම්පාදනය හා රෝහල් සේවා සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය බව එම ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්ය.

    රෝහල් , සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතන ආදියෙහි රෝගීන්ට සැපයෙන සියලු ප්‍රතිකාර සහ සේවා රෝහල් සේවාවට අයත් බව නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් වේ.

    Gazzete.jpg

     

    Latest News