මහින්ද කහඳගම 8 වැනිදා දක්වා රිමාන්ඩ්

ජූනි 03, 2022

    ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහින්ද කහඳගම මහතා ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගත් මහින්ද කහඳගම මහතා අද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කෙරිණ.

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම සැකකරු බන්ධනාගාර ගත කරන ලෙසයි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර මහින්ද කහඳගම මහතාට ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

    Latest News