චීනය ලබාදෙන ඖෂධ තොගයක් අද දිවයිනට

ජූනි 03, 2022

    චීනය විසින් ලබාදෙන ඖෂධ තොගයක් අද (03) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව, කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

    චීන තානාපති කාර්යාලය Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එහි වටිනාකම යුවාන් මිලියන 500ක් පමණ බවත් අදියර දෙකක් යටතේ එම ඖෂධ තොගය මෙරටට ලබාදීමට නියමිත බවයි.

    අදාළ ඖෂධ තොගයේ දෙවන කොටස මේ මාසයේ මැද භාගයේදී දිවයිනට ළඟාවීමට නියමිත බවයි එම Twitter පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

    drugs

    Latest News