21 වැනි සංශෝධනය ගැන අද පක්ෂ නායක හමුවක්

ජූනි 03, 2022

    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන පණත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සහභාගීවන තවත් විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

    පක්ෂ නායකයන් පසුගියදා අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති පළමු හමුවේදී සාකච්ජා කර ඇත්තේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් කරුණු සහිතව 21 වැනි සංශෝධනය ලෙස නැවත බලාත්මක කිරීම පළමු පියවර ලෙස සිදුකිරීමට කටයුතු කරන බවයි.

    අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු දළ කෙටුම්පතක් ඉදිරිපත් කරමින් සඳුදා රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර දැනුවත් කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.

    Latest News