සපුගස්කන්දේ පිරිපහදු කටයුතු යළි ආරම්භ කෙරේ

මැයි 27, 2022

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවා කටයුතු යළිත් ආරම්භ කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

    ඒ අනුව විවෘත කිරීමෙන් පසු ඉදිරි දින 6 තුළ ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කරන බව Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

    ඊයේ (26) දිනය මෙරට ඇති ඉන්ධන ප්‍රමාණ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා එහි සඳහන් කර තිබේ.

    • ඩීසල් - මෙට්‍රික් ටොන් 23022 ක්.
    • සුපර් ඩීසල් - මෙට්‍රික් ටොන් 2588 ක්.
    • ඔක්ටේන් 92 පෙට්‍රල් - මෙට්‍රික් ටොන් 39968 ක්
    • ඔක්ටේන් 95 පෙට්‍රල් - මෙට්‍රික් ටොන් 7112 ක්
    • ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 3578 ක්

    kanchana

    Latest News