ඛනිජ තෙල් ඇමති තැබූ සටහන

ජූනි 19, 2023

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගම්වල ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

    ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් තොග ඇති බවත් ලබා දී ඇති සියලුම ඇණවුම් බෙදාහැරීමට කටයුතු කර ඇති බවත්, අමාත්‍යවරයා සඳහන් කරනවා.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගෙන එන නෞකාව එළැඹෙන 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

    Latest News